අද ගියොත් වැඩක් නෑ- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා අද නවතී
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් අද (24) දිනයේ මහජන සේවාවන් සියල්ල තාවකාලිකව අත්හිටුවා ඇත.
දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ කිසිදු මහජන සේවාවක් සිදු නොවන බව දැනුම් දී තිබේ.
ඒ අනුව අද දිනයට නියමිතව තිබූ හැඳුනුම්පත් එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
ටෙක්සාස්හි තෙල් පිරිපහදුවේ දරුණු පිපිරීමක් නිවෙස් හෙල්ලෙයි - වහාම නිවෙස්වලට වී ආරක්ෂිතව ඉන්නැයි දැනුම් දෙයි
පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් නිරාකරණය කර, මහජන සේවා කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අද දිනයේ සේවාවන් සඳහා දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අයට යළි එළඹෙන දිනවලදී පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
මෙම බිඳවැටීම නිසා හැඳුනුම්පත්, උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම් වැනි සේවාවන් අද දිනයේ සම්පූර්ණයෙන්ම නතර වී ඇත.