ලංකාවේ ප්‍රදේශ රැසක් කාන්තාරයක් වෙන්නයි යන්නෙ..හිමිණමකගෙන් අනතුරු ඇඟවීමක්..
By Aruna
‘අද අදහාගන්න බැරි උෂ්ණත්වයක් තියෙන්නේ. සමස්ත ලංකාවේම වැඩිම ප්‍රදේශයක් කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනවා’ යයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.
සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනය වෙනුවෙන් ඇඹිලිපිටිය නගරය පුරාවට වැඩසටහන් රැසක් පැවැත්වීමේ අවස්ථාවට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කළා.
“අද අපිට අදහාගන්න බැරි උෂ්ණත්වයක් තියෙන්නේ. සමස්ත ලංකාවේම වැඩිම ප්‍රදේශයක් කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනවා.
වැටත් නියරත් දෙකම ගොයම් කනවා. පරිසරය රකින්න එන මිනිස්සු කරන මහා විනාශයේ ප්‍රතිපල තමයි මේ. අද සෑම අවුරුද්දකම වනාන්තර අක්කර දහසකට වඩා වැඩිය විනාශ කරනවා.
අනාගත පරපුරට වෙන දේ ගැන හිතන්නවත් බැහැ. අපි මේ වෙන විනාශය නතරකර ගත යුතුයි.
තියෙන ගස ආරක්සා කරගත යුතුයි. අනාගත පරපුර දැවී මියයන්න ඉඩ නොදෙමු. අදුරේම ඉන්නේ නැතිව පහනක් පත්තු කරමු”
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |