ප්‍රධාන පාසලක OL-AL සිසුන් කැදවා උගන්වයි.. පොලිසියෙන් ගෙදර යවයි…

POLICE VACCINATION HATTON AND FIELD COLLAGE A/L AND O/L
By Sewvandhi Oct 25, 2021 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ඇන්ෆිල්ඩ් දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම පාසලේ සමාන්‍යපෙල සහ උසස් පෙල හදාරන සිසු සිසුවියන් (25) දින පාසලට කැදවා ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බව ගුරු සංගම් චෝදනා කර සිටියි.

(25) දිනයේ එම පාසලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ ඉගැන්විම් කටයුතු සිදු කිරිමට සමගාමිව විදුහල්පතිවරයා විසින් එම පාසලේ අධ්‍යාපනය ලබන සමාන්‍යපෙල සිසුන් 40 පමණ සහ උසස්පෙල හදාරන සිසුන් 15 ක් පමණ පාසලට කැදවා ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට එම ගුරු සංගම් චෝදනා කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල වෙත ගොස් විදුහල්පතිවරයාට අවවාද කර පාසලට පැමිණ සිටි සමාන්‍යෙපල සහ උසස් පෙල සිසුන් ආපසු නිවාස කරා යැවිමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති රාධාක්‍රිෂ්ණන් මහතාගෙන් දුරකථන ඇමතුමක් ඔස්සේ කල විමසුමකට ඔහු කියා සිටියේ පාසල් ළමුන්ට එන්නත් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට එම පාසලේ උසස්පෙල හදාරන සිසු සිසුවියන් පාසලට කැදවු බවත්,

එම පාසලේ ප්‍රාථමික අංශයට (25) දින පැමිණි සිසු සිසුවියන්ව තම පාසලේ අධ්‍යාපන ලබන සමාන්‍යෙපල සිසුන් විසින් කැදවාගෙන පැමිණ බවයි. එසේ පැමිණි ළමුන්ට තම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු නොකල බවද විදුහල්පතිවරයා පැවසිය. – හැටන් රංජිත් රාජපක්ෂ


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha