ඔයත් තෙල් කෑම රස කර කර කෑවට මේ දේ ගැන දැනගෙන හිටිය ද?. නැහැ නේද.. කියවලාම බලන්නකො වෙන දේ ගැන.
වත්මනයේ පවතින කාර්යබහුල ජීවනෝපායත් සමගින් ගොඩක් දෙනෙක් ක්ෂණික ආහාර වලට යොමු වී තිබෙනවා.
ඒ ක්ෂණික ආහාර ඉතාමත් ඉක්මනින් ආහාරයට ලබා ගත හැකි බැවින් ය.
එදිනෙදා රැකියා වලට යන අය, පාසල් යන පොඩ්ඩන් වගේ වැඩිහිටියන් පවා මේ කෑම කන්න ගොඩක් ආසා කරනවා.
නමුත් ඒ නිසා ඇති වෙන අතුරු ප්‍රතිඵල ගැන කවුරුත් හිතන්නේ නැහැ නේද.
ක්ෂණික ආහාර නිසා මේ වගේ ලෙඩ හැදෙයි කියලා කවදාවත් හිතුව ද?
තෙල් කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක් කියන එක අපි හැමෝම දන්න දෙයක්.
හැබැයි ඕනෙවටත් වඩා තෙල් කෑවොත් මොකද වෙන්නේ.අනවශ්‍ය විදිහට තෙල් කෑවොත් වෙන්නේ අපිට අනවශ්‍ය ලෙඩ හැදෙනවා.
cholesterol කියන්නෙත් අන්න ඒ වගේම අනවශ්‍ය ලෙඩක්,තෙල් කෑවොත් cholesterol හැදෙනවා විතරක් නෙමෙයි.අක්මා රෝග,හෘදයාබාධයත් ඇති වෙනවා.
වර්තමානයේ තරුණ තරුණියන් අතර මුත්‍රා ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.
මෙයට ප්‍රධාන හේතුවෙන් වන්නේ තෙල් අධික ආහාර වර්ග බහුලව ගැනීමයි.
ඒමගින් මුත්‍රා පිට වනවිට දැවිල්ලක් දැනෙන බව, වේදනාවක් හටගන්නා බව ආදී ලෙසින් අපහසුතා ඇති විය හැකිය.
එය මේ වනවිට කාලීන ගැටලුවක් බවට පත්ව ඇත.
තෙල් සහිත ආහාර ගැනීම මගින් සිරුරට එක්වෙන මේදය අක්මාව තුළ තැන්පත් වේ.
එමෙන්ම සිරුරට අවශ්‍ය මේදය නිපදවීම සිදුවන්නේ ද අක්මාව මගින් ය.
මෙලෙස අක්මාව තුළ මේදය තැන්පත් වීම වැඩි වූ විට රුධිරයට එක්වන මේද ප්‍රමාණය ද වැඩි වේ.
රුධිරයෙහි මේදය වැඩි වූ විට ඒවා මුත්‍රාශය, පිත්තාශය සහ වකුගඩුවල තැන්පත් වීමෙන් ගල් හට ගැනීමක් සිදුවිය හැකිය.
එවිට මුත්‍රා පිටවන විට වේදනාවක් ඇති වේ.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකී.
