මධ්‍යම අධිවේගයේ ඉන්ධන සොරකම් කළ 7ක් අත්අඩංගුවට
By Wasantha
මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ-වඳුරව අතර ප්‍රදේශයේදී දීර්ඝ කාලයක සිට ඉන්ධන සොරා ගැනීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 7ක් ගෝනහේන පසු මූලස්ථාන විශේෂ කාර්ය බලකා කඳවුර විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චීන සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ මෙම කොටසේ ඉදිකිරීම් සිදු කරනු ලබන අතර ඒ සඳහා යොදවා ඇති රථවාහනවලින් ඉන්ධන සොරා ගැනීම දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගොස් තිබෙන අතර, මේ පිළිබඳව පැමිණිලි ද ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව මෙම වැටලීම සිදු කර තිබේ පෞද්ගලික රථයක් අනවසරයෙන් වැඩබිමට ඇතුළු කර ඉන්ධන සොරා ගැනීම සිදුකර තිබේ.
වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |