වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලොක්කෝ 35 දෙනෙක් නිල නිවාස භාර දී නෑ - කෝපාවෙදි සියල්ල එළි වෙයි

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් ඇති නිලධාරීන් හය දෙනෙකු සහ ස්ථාන මාරු ලබා ගොස් ඇති නිලධාරීන් තිස් පස් දෙනකු තවමත් එම නිල නිවාස භාර දී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු හෙළිව තිබෙනවා.

ඊට අමතරව එම නිල නිවාසවල අනවසර පදිංචිකරුවන් තිදෙනෙකුද සිටින බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව කෝපා කමිටුව සඳහන් කරයි.

සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා..විදුලිය කපන්න අදහසක් නෑ - බලශක්ති ඇමතිගෙන් සුබ පණිවුඩයක්

සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා..විදුලිය කපන්න අදහසක් නෑ - බලශක්ති ඇමතිගෙන් සුබ පණිවුඩයක්

එහිදී අදහස් දැක්වූ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ නිල නිවාස භාරදී නොමැති අඳාළ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන බවයි.

ඒ අනුව මෙම කරුණු අනාවරණය වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2021 - 2023 වර්ෂයන්හි විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, වර්තමාන කාර්යසාධනය සහ 2025.11.25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ විටයි.  

දින 90ක රැඳවුම් නියෝග මත සිටින සලේව නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

දින 90ක රැඳවුම් නියෝග මත සිටින සලේව නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්