රාජ්‍ය සේවය එකපාරටම ඩිජිටල් වෙයි - සෑම නිලධාරියෙකුටම රජයෙන්ම නිල Email එකක්
සෑම රාජ්‍ය සේවකයෙකු සඳහාම රජය මගින් නිල Email ලිපියක් ලබාදීමට තීරණය කර ඇති බව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරයි
එමගින් රාජ්‍ය සේවය ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ ආදි කටයුතු සඳහා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම එක් එක් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමටත් හැකි වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කර තිබේ .
මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් භාවිත කරන්නේ පෞද්ගලිකව සකසා ගත් Email ලිපියනයක් වේ රජය මගින් ඔවුන්ට හඳුන්වා දෙන නිල Email ලිපියන් හරහා ලියකියවිලි ආදී අත්‍යවශ්‍ය දත්ත යොමු කිරීම වඩාත් පහසු වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වඩාත් ඵලදායී ලෙස වේගවත් කිරීමට එය පිටිවහලක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කර ඇත
තවද වැඩපිළිවෙල යටතේ Email මගින් ගනුදෙනු සිදුකරන සියලු රාජ්‍ය නිලධාරීන්ට එම පහසුකම ලබා දෙනු තිබේ.
[8PCTYQH