“ලෝකය අපව අතහැර දමා අවසන් බව දැනෙනවා,අම්මේ ඇයි අපිට මෙහෙම ජීවත් වෙන්නේ” - ගාසා වැසියන්ගේ හද සසල කරන කතාවක් එළියට

Report

ගාසා නගරයේ පදිංචි 32 හැවිරිදි පරිගණක පද්ධති ඉංජිනේරුවරියක වන සහර් ටැබ්ගේ ජීවිතයද යුද්ධය හමුවේ මුළුමනින්ම වෙනස් වී තිබේ.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිදුවීම්වලින් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර ආරම්භ කරන විට ඇය සිය කුඩා දියණිය පෙර පාසලට රැගෙන යාමට සූදානම් වෙමින් සිටියාය.

එහෙත් යුද්ධය තීව්‍ර වීමත් සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් අතරද වෙන්වීම් සිදුවිය. ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට ඇය සහ ඇගේ සැමියා තීරණය කළ අතර, ඇගේ මව්පියන් සහ සහෝදර සහෝදරියෝ දකුණු ප්‍රදේශයට ගියහ.

මුදල් තිබුණද වෙළෙඳපොළේ මිලදී ගැනීමට ප්‍රමාණවත් ආහාර නොතිබූ අවස්ථා තමන්ට මුහුණ දීමට සිදු වූ බව සහර් පවසයි. “ඔබේ අතේ මුදල් තිබුණත්, ඔබේ පවුලට සාමාන්‍ය ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම ජීවිතයේ අත්විඳීමට සිදුවූ ඉතා වේදනාකාරී අත්දැකීමක්” යනුවෙන් ඇය පැවසුවාය.

යුද්ධය හේතුවෙන් ඇගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, වසර ගණනාවක් පුරා කළ වෘත්තීය කටයුතු සහ එහි තිබූ සියලු දේ අහිමි විය. ඇගේ ළමා කාලයේ මතක රැඳුණු පවුලේ නිවසද සුන්බුන් බවට පත්ව තිබේ.

තම නිවසට හානි සිදුවීමෙන් පසුවද ආරක්ෂාව සොයා ගාසා නගරයේ විවිධ ප්‍රදේශවලට යාමට ඇයට සිදුවිය.

එහෙත් ඇයට වඩාත්ම වේදනාකාරී වූයේ තම දියණියට මුහුණ දීමට සිදු වූ අත්දැකීම්ය.

ඇමරිකාවට එන පළමු සුළි කුණාටුව සහ හූති ප්‍රහාර නිසා බොර තෙල් මිල ගිනි ගනී - අලුත්ම ගණන් මෙන්න

ඇමරිකාවට එන පළමු සුළි කුණාටුව සහ හූති ප්‍රහාර නිසා බොර තෙල් මිල ගිනි ගනී - අලුත්ම ගණන් මෙන්න

චොකලට් හෝ වෙනත් කැමති ආහාරයක් ඉල්ලා සිටින දියණියට එය ලබා දීමට නොහැකි වූ අවස්ථා බොහෝමයක් තිබූ බව සහර් පවසයි.

“‘අම්මේ, ඇයි අපි මෙහෙම ජීවත් වෙන්නේ?’ කියලා ඇය නැවත නැවතත් මගෙන් අහනවා. ඒ වගේ ප්‍රශ්නයකට මවක් ලෙස මම මොන පිළිතුරක් දෙන්නද කියලා අදටත් මට තේරෙන්නේ නැහැ” යනුවෙන් ඇය සඳහන් කළාය.

කුසගින්න හමුවේ ඇතැම් ආහාර නොමැති බවත්, තමන් කැමති දේවල් ඉල්ලා සිටීමට නොහැකි බවත් ඇගේ දියණියට ඉගෙන ගැනීමට සිදුව තිබේ. “දරුවෙකුට කුසගින්නට ඉවසීමට ඉගෙන ගන්න සිදුවිය යුතු නැහැ. ජලය සොයා ගන්නේ කොහොමද, ඊළඟ ආහාර වේල ලැබෙන්නේ කොහොමද කියලා දරුවන්ට කල්පනා කරන්න සිදුවිය යුතු නැහැ” යනුවෙන් සහර් පැවසුවාය.

තම දියණියගේ දෑස් තුළ ඇති බිය දැකීම මවක ලෙස තමන්ට විඳීමට සිදුවන වඩාත්ම වේදනාකාරී අත්දැකීම බවද ඇය සඳහන් කළාය.“මවක් ලෙස මගේ වගකීම ඇයට ආරක්ෂිත බවක් දැනෙන්න සැලැස්වීමයි.

නමුත් අප සිටින ස්ථානය ආරක්ෂිත බවටවත් මට ඇයට පොරොන්දු වෙන්න බැහැ.” යුද්ධය දරුවන්ගේ ළමා කාලය අහිමි කරමින් ඔවුන්ට වයසට නොගැළපෙන වගකීම් සහ බිය උරුම කර දී ඇති බව සහර් පෙන්වා දෙයි.

“මගේ දියණිය හැදී වැඩෙන්නේ බියෙන්, බලා සිටීමෙන් සහ ජීවිතය රැකගැනීමේ අරගලයෙන් පිරුණු ලෝකයක පමණක් නොවෙයි කියලා මට දකින්න අවශ්‍යයි. සැබෑ ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා ඇයට අත්විඳින්න ලැබිය යුතුයි” යනුවෙන් ඇය පැවසුවාය.

ගාසා වැසියන්ගේ මෙම අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ යුද්ධයකින් සිදුවන හානිය ගොඩනැගිලි සහ දේපළ විනාශයට පමණක් සීමා නොවන බවයි.

එය පවුල් සබඳතා, අධ්‍යාපනය, රැකියා, මානසික සුවය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ද බිඳ දමන බව ඔවුන්ගේ කතා හෙළි කරයි.

ඉරානය සමඟ ගනුදෙනු කළොත් වැඩ වරදියි.. ලෝක බැංකුවලට රතු එළියක්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් වැඩ වරදියි.. ලෝක බැංකුවලට රතු එළියක්