ශිරන්තිගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් නිවසට

By Malith Madushan Oct 07, 2026 04:22 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබේ.

ඒ අනුව අද (07) අල්ලස් කොමිසමේ නිලධාරීන් ඇගේ නිවසට පැමිණ ප්‍රකාශය සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අතර, ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසද පොලීසිය විසින් දැනුම් දී තිබේ.

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබුණි. විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වේ.

ඩෙල්ෆ්ට් - යාපනය යන අයට සුබ ආරංචියක් - එක පාර මගීන් 150ට යන්න පුළුවන් නව මගී යාත්‍රාවක්

ඩෙල්ෆ්ට් - යාපනය යන අයට සුබ ආරංචියක් - එක පාර මගීන් 150ට යන්න පුළුවන් නව මගී යාත්‍රාවක්