ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ලැව් ගින්නක් වෙයි - බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව විරෝධතාවක්
අද (07) උදෑසන 9.00ට කොළඹ අධිකරණ පරිශ්‍රයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
පහුගිය ආණ්ඩුවේ හිරේ දැම්මට කවුරුත් මගේ සිවුර ගැලෙව්වේ නෑ - මෙදා තමයි සිවුර ගැලෙව්වේ - සිවුර ගැලෙව්වත් නැතත් ඥානසාර හාමුදුරුවෝම තමයි
මේ පිළිබඳව පූජ්‍ය නීතියගම චන්දිම හිමි පැවසුවේ,
“රටක්, ජාතිකයක්, ආගමක් සහ සංස්කෘතියක් අපි හැමෝටම තියෙනවා. අපි අධිකරණ නියෝගයට විරුද්ධව අදහස් දක්වනවා නෙමෙයි. නමුත් අපේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර ගලවලා, ප්‍රසිද්ධියේ රැගෙන ඒම කාගෙත් සිත් කම්පාවට පත්කරපු කාරණාවක්. එබදු පූර්වාදර්ශයක් රටක කිසිම කෙනෙකුට ඇති නොවීමට වගබලා ගැනීම තරුණ අප කාගෙත් වගකීමක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 9 කොළඹ අධිකරණ පරිශ්‍රයට එන්න. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි. එවැන්නක් යළි පූර්වාදර්ශයක් නොවන්න ඕනේ.”
විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බෞද්ධයෙකු වශයෙන් කනගාටුවට පත්වන බවයි.
උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොමැති බව පාඨලී චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේය.