පාන්දරම බිහිසුණු අනතුරක් - බස් රථ අනතුරින් 14කට තුවාල
අද (07) අලුයම ගල්කුලම ප්‍රදේශයේදී නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ බස් රථයක් තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ පුද්ගලික මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.
පොලිසිය පවසන්නේ අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.