බීට්ටු වන නිලධාරියෙක් අල්ලස් දැලේ
බීට්ටු වන නිලධාරියෙකු රුපියල් 30,000ක මුදලක් සහ මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිලධාරියා අත්අඩංගුවට තිබෙනුයේ හුලංනුගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ඒ වගේම එම නිලධාරියා මෙසේ අල්ලස් ලබා ගෙන ඇත්තේ අදාළ පුද්ගලයාගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 04ක ඉඩමෙන් නෙළු වැවයාය නම් රක්ෂිතයට වෙන් කර ඇති කොටසේ වගා කටයුතු සිදු කිරීමේ වරද සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහායි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.