අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වන්නේ ඇයි ?

examination practical o/l result releasing G.L.peries
By Sithumi Jul 09, 2021 01:52 PM GMT
Sithumi

Sithumi

Report

2020 වර්ෂයට ආදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වීමට හේතුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පැහැදිලි කරණු ලැබුවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව ගැටළුවක් පැන නැගී ඇති බැවින් මෙම ප්‍රමාදය සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් සෞන්දර්ය විෂයයන් හදාරා ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් පාසල් පාදක තක්සේරු කිරීම් මත ලකුණු ලබා දීම සිදු කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරන බවයි වැඩි දුර කරුණ සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha