ප්‍රධාන විභාගයක ප්‍රතිඵල නිකුත් නිකුත් කරයි..ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna May 05, 2024 01:41 AM GMT
Aruna

Aruna

Report

2022 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මේ අනුව, නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර ඇත.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබේ.

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පසුගියදා දැනුම්දීමක් සිදු කරනු ලැබීය.

"සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ එනම් හෙට(06) දිනයේ ආරම්භවීමට නියමිතව තිබෙන බවත්, ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා ද පසුගියදා දැනුම්දුන්නා."

පහත ලින්ක් එක හරහා ප්‍රතිඵල බලන්න පිවිසිය හැක.

https://www.doenets.lk/examresults  

www.results.exams.gov.lk