විනිසුරුට විරෝධය පා පොලිසිය උසාවියෙන් ඉවත් වෙයි - නඩු ඇහිල්ලත් නවතී…

Nuwara Eliya Sri Lanka Sri Lanka Magistrate Court
By Sewvandhi Nov 06, 2023 10:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ (06) දි කැද වු නඩු වලට පෙනි සිටි නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් අධිකරණ කටයුතු වලින් ඉවත් විම නිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙහිදි  මහෙස්ත්‍රාත්වරිය විසින් කැදවන නඩු සදහා පෙනි සිටින පොලිස් නිලධාරින්ට සැකකරුවන් ඉදිරියේදි අපහාස වන ආකාරයෙන් බැන වැදුණේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් (06) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටි සියළුම පොලිස් නිලධාරින් අධිකරණ කටයුතු වලින් ඉවත් වි ඒ පිලිබදව නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි 01 වෙත ගොස් පැමිණිලි කිරිමට පොලිස් ස්ථානාධිපතිවරුන් කටයුතු කර ඇත.

නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කියා සිටින්නේ, මාස කිහිපයකම සිටම මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදි සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරින්ට අපහාස වන බැන වදින බවත්, එවන් තත්ත්වයක් මත නිල ඇදුමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොලිසියේ රාජකාරි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

පොලිස් නිලධාරින් කියා සිටියේ, මේ පිලිබදව මිට ප්‍රථම නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කල බවත්, එයට විසදුමක් නොලැබුණු නිසා තමන් (06) දින උදැසන 11.30 ට පමණ අධිකරණ කටයුතු සිදු කරමින් පැවති අවස්තාවේ අධිකරණ කටයුතු වලින් ඉවත් වු බවයි.

ඩයගම , ආරපතන , තලවකැලේ , ලිදුල , නානුඔය , පට්ටිපොල , කදපොල යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරින් මෙසේ රාජකාරි කටයුතු වලින් අද දින ඉවත් වි ඇත.

මේ පිලිබදව අප නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමු වි සාකච්ඡා කරන බවයි.

ReeCha