හෙද වර්ජනය දෙවන දිනටත්..රෝගීන් දැඩි අපහසුවක (VIDEO)

strike nurses national hospital Muruththettuwe Ananda thero saman rathnapriya
By Sewvandhi Jul 02, 2021 02:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද (02) ක්‍රියාත්මක වේ. ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.

අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් හෙද සංගම් විසින් සිදුකරන වෘත්තිය සිමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

කෙසේවෙතත් අද උදෑසන කොළඹ ජාතික රෝහලට ගිය අප වාර්තාකරුවන් පවසා සිටියේ, ජනතාව අදත් රෝහල වෙත පැමිණ සිටින බවය.

හෙද නිලධාරින් වසර 5න් 5ට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම, දින 6ක සේවා සතිය වෙනුවට රජයේ අනෙකුත් සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම හා කොවිඩ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම යන ආදී ඉල්ලීම් මුල්කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව මෙම වර්ජනය ආරම්භ කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now