ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දෙයි...

Matara Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Hashini Nov 14, 2023 08:42 AM GMT
Hashini

Hashini

Report

 ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දෙයි... | Notification To Register For E Billing Service 

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවෙයි.

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දෙයි... | Notification To Register For E Billing Service 

මේ වනවිට ඊ බිල්පත් දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලට නිකුත් කරනු ලබනවා.

මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී ඇත්තේ මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීමයි.

මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..

 

ReeCha