මවුපිය නොසැලකිල්ලෙන් දිවි අහිමි වුණු පුංචි අභිලාෂ්

Sinhala and Tamil New Year Hospitals in Sri Lanka Death Funeral
By Mithu Jul 15, 2025 03:32 PM GMT
Mithu

Mithu

Report

දෙමව්පියන්ට දරුවන් කියන්නේ නෙත් වගේ.හැබැයි පොඩ්ඩක් හරි පුංචි දරුවෙක්ගෙන් අවධානය ගිලිහුණොත් අනිවාර්යෙන්ම  ජීවිත පවා අවදානමට ලක්විය හැකියි.ඒ ආකාරයෙන් වාර්තා වුනු සංවේදී කතාවක් පිළිබඳවයි මේ.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

නාග දෂ්ඨනයකට ලක්වූ දරුවකු නිසි ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම හේතුවෙන් මියයාමේ අවාසනාවන්ත පුවතක් අද දෙරණට වාර්තා විය. ඒ හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයෙනි. හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයේ පදිංචි සය හැවිරිදි පුංචි අභිලාෂ් පසුගිය ඉරිදා (13) තම මව සහ පියා වැඩ කරමින් සිටි කුඹුර ආසන්නයේ තිබූ නෙල්ලි ගසකට නැග නෙල්ලි කඩමින් සිට තිබුණි.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

එහෙත් ගසින් බසින අවස්ථාවේ ගස පාමුලදී අභිලාශ් නාග දෂ්ඨනයකට ලක්ව තිබූ අතර, වහාම ක්‍රියාත්මක වූ මව්පියන් දරුවා කඩිනමින් රැගෙන ගොස් තිබුණේ නිවසට ආසන්න පාරම්පරික සර්ප විෂ වෛද්‍යවරයෙකු වෙතය. නාග දෂ්ඨනය සිදුව තිබූ අභිලාශ්ගේ දකුණු පාදයෙහි පහළ කොටස තදින් ගැටගැසීමට සර්ප විෂ වෛද්‍යවරයා පියවර ගෙන තිබුණේ නාග විෂ පාදයේ ඉහළට ගමන්කිරීම වැළැක්වීම සඳහා බව පවසමිනි.

එලෙස දවසක් මුළුල්ලේ පාදය ගැටගසා තිබී ඇති අතර අද අලුයම වනවිට අභිලාෂ් අසාද්‍ය තත්ත්වයට පත්වීම නිසා රිකිල්ලගස්කඩ දිසා රෝහලට ඇතුළත් කිරීමට මව්පියන් පියවර ගෙන තිබුණේ ප්‍රදේශවාසීන්ගේ දැඩි බලකිරීම මතය. දරුවාගේ පාදයේ පටක මියයෑම නිසා ආසාදන තත්ත්වයට පත්ව ඇති බව දරුවා පරීක්ෂාවට ලක්කළ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණි.

ඒ හේතුවෙන් දරුවා හදිසි ශල්‍යකර්මයකට ලක්කර පාදය ඉවත්කෙරුණද අභිලාශ් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියේය. වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ පාදය ගැටගසා තිබූ ස්ථානයෙන් රුධිර ගමනාගමනය සිදු නොවීමෙන්, පාදයට දැඩි ලෙස හානි වී දරුවාගේ මොළයට සහ හෘදයට විෂබීජ ආසාදනය වීම මරණයට හේතුව වී ඇති බවය. ජීවිතය අරඹද්දීම පුංචි අභිලාෂ් මෙලොව හැරයන්නේ ජීවිතයක වටිනාකම පිළිබඳ මනා පාඩමක් වැඩිහිටියන්ට කියාදෙමිනි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ReeCha