ගංගා සහ වැව් පද්ධතියේ අනතුරුදායක ජල මට්ටම ගැන දැනුම්දීමක්
ගංගා පද්ධතියේ කිසිදු ගංගාවක ජල මට්ටම අනතුරුදායක මට්ටමකට ඉහළ යාමක් දක්නට නොලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
එසේම ප්‍රධාන වැව් 73න් ආසන්න වශයෙන් 30කට වාන් දැමීම සිදුව තිබුණද, දැනට වාන් දැමීමේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, මධ්‍යම ප්‍රමාණයේ වැව් 22කට ආසන්න ප්‍රමාණයකට වාන් දැමීමක් සිදුව තිබුණද ඒවා අනතුරුදායක මට්ටමක නොපවතින බවත් ඔහු පෙන්වා දෙයි.
ඊයේ (09) දිනයේත් පසුගිය පැය 24 තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සමහර ප්‍රදේශවල මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබුණි.
කෙසේ වෙතත්, ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට ලැබී ඇත්තේ ඉතා සුළු වර්ෂාපතනයක් පමණි. මේ හේතුවෙන් ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් සිදු නොවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.