ක්‍රිකට් ලෝලීන්ට විශේෂ දැනුම්දීමක්..අදම ඔබේ ප්‍රවේශපත්‍රයත් ලබා ගන්න..මෙතනින් පිවිසෙන්න..
By Sewvandhi
සංචාරක නවසීලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිල දී ගැනීම සම්බන්ධව විස්තර මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
වාර්තා වන්නේ, ටිකට්පත් www.srilankacricket.lk යන වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් කළ හැකි අතර RDICSහි ටිකට් කවුන්ටරයෙන් ද මිලදී ගැනීම් සිදු කළ හැකි බවයි.
විශේෂයෙන් T20 තරග දිනයන්හිදී, RDICS ප්‍රධාන දොරටුව ආසන්නයේ විශේෂ කවුන්ටර්ද විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම පල්ලේකෙලේ පිහිටි PICSහි කවුන්ටරය නොවැම්බර් 15 සිට විවෘත වන අතර එහිදීද ටිකට්පත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙම කවුන්ටර් පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර, තරග දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා ද විවෘතව තැබෙනු ඇති.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..

