වාහන ඇදගෙන යාම ගැන පොලීසියෙන් දැඩි නිවේදනයක්..!
පොලීසිය විසින් මැයි දින රැලි සඳහා පැමිණ පුද්ගලයින් මාර්ග අවහිර වන ලෙස නොසැලකිලිමත්ව නවතා තබන රථවාහන ඇදගෙන යාමට කටයුතු කරන බව දැනුම්දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මහජනතාව මෙම රැස්වීම් සහ පෙළපාලි සඳහා පැමිණෙන වාහන පදිකවේදිකා මත නතර කරන්න එපා. මාර්ගය අවහිර වන ආකාරයට නතර කරන්න එපා. රථ වාහන නිලධාරීන් යොදවලා තියෙනවා. පදිකවේදිකා මත මාර්ගයේ අවහිර වන ආකාරයට වාහන නතර කරොත් අපිට එම වාහන ඉවත් කිරීමට සිදුවෙනවා.
ඇදගෙන යාමට සිදුවෙනවා. එවැනි අවස්ථාවකදී ඒ ගාස්තු ගෙවන්න සිදුවෙනවා.ඒ සඳහා වන වියදම ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම ඒ වැරදි සම්බන්ධයෙන් අදාළ දඬුවමටත් ඒ රියදුරා ලක්වෙනවා. ඒ නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය අවහිර වන ආකාරයට නොසැලකිලිමත්ව වාහන නතර කර දමන්නට එපා.
සෑම රැස්වීමකට අදාළවම රථ ගාල් වෙන්කරලා තියෙනවා. ඒ රථ ගාල් තියෙන ස්ථාන වෙත යන මාර්ග රියදුරන් දැනුවත් කරලා තියන්න සංවිධායක මහතුන් විසින්. ඒ ආකාරයට කටයුතු කළොත් පැමිණෙන මහජනතාව අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. ඒ වගේම රථ වාහන තදබදයත් අපිට අවම කරගන්න පුළුවන්."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
