මහරගම අපේක්ෂාවට තවත් අපේක්ෂාවක්

Report

අද (03) දින උදෑසන 08.30ට යෙදුන සුභ මොහොතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත තවත් පස්මහල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල් ගල තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පුර්ණ අධික්ෂණයෙන් හා ශ‍්‍රම දායකත්වයෙන් සිදු කිරිමට නියමිත බව සඳහන්.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එසේම මේ කාර්‍යයට මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා යන මහතායි.

මේ අතර ඉදිකිරීමට නියමිත නව වාට්ටු සංකීරණය වර්ඝ අඩි 50000 කින් සමන්විත වන බව පවසයි.

එමෙන්ම මෙම ගොඩනැගිල්ලෙහි රෝගීන් 80 දෙනෙක්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, සහ ළමා බාහිර කිමෝ තෙරපි ඒකකයක්ද ඉදිකිරීමට නියමිතව ඇත.

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ‍ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් මෙන්ම රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ නිලධාරින් ද එක්ව සිටි බව පවසයි.

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

තවත් බිහිසුණු වෙඩි තැබීමක්