බස් රථයක් පෙරළෙයි - 15කට තුවාල

Report

වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පවසන්නේ තුවාලකරුවන්ගෙන් 8 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බවයි.

මෙම අනතුර කුඩුගල මාර්ගයේ, අරලිය උයන ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙන්න

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙන්න

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙන බවද පොලිසිය කියා සිටියා.

එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට තිබෙන බව පැවසෙනවා.

පොලිසිය පවසන්නේ බස් රථයේ රියදුරු අසුන ළඟ දොර විවෘත වීමත් සමග රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ඇති බවයි.

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව