රියදුරන්ට විශේෂ පණිවුඩයක්..!

Sri Lanka Police Driving Licence Highways In Sri Lanka
By Sewvandhi Dec 16, 2023 04:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ග සංවර්ධන අධිකාරිය, අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී මීටර් 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම ඉල්ලීම මෙදින  අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා සිදු කර ඇති බව සඳහන්ය.

රියදුරන්ට විශේෂ පණිවුඩයක්..! | Notice For Highway Drivers

එම අනතුරු ඇඟවුම් නිවේදන විද්‍යුත් පූවරැ මඟින් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අතර, අඳුරු සහිත කාලගුණයක් ඇති බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා ඇත.

ReeCha