වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ්ට නිල නිවාස තුනක්...

Report

වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ් තමන්ට හිමි නිල නිවාසය ⁣ඇතුළු රජයට අයත් තවත් නිල නිවාස තුනක්ම සිය භාවිතයට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුණෑගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවස සමඟ වැව රවුමේම පිහිටා තිබෙන කුරුණෑගල නගරාධිපති නිල නිවස සහ වයඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිල නිවසක්ද මේ වනවිට ඔහු භාවිතයට ගෙන ඇති බව සඳහන් වේ.

මීට පෙර වයඹ පළාතේ ආණ්ඩුකාරවරයාව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ ආකාරයටම රජයේ නිල නිවාස කීපයක්ම භාවිත කළ අතර ඔහුට පෙර සිටි කිසිදු ආණ්ඩුකාරවරයකු මේ ආකාරයට ඔවුන්ට හිමි නිල නිවස හැර රජයේ වෙනත් නිල නිවාස භාවිත කර නොමැති බව ද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි...

ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි...


ආණ්ඩුකාර නිල නිවස ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා ප්‍රමාණවත් ලෙස සකසා තිබියදීත් මෙලෙස වෙනත් රජයේ නිවාස භාවිත කිරීම රජයේ මුදල් හා සම්පත් අවභාවිත කිරීමක් වේ.

ඒ අනුව, වෙනත් නිල නිවාස භාවිතයට ගැනීම රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් මෙන්ම නීති විරෝධී කටයුත්තක් වේ