ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි...
By Parami Dissanayake
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරයේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ, ජනාධිපතිවරයා එහි සිටියේ දැයි අපැහැදිලි බවයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ, ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ජොල්ෆා ආසන්නයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.