2025 තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන නැවත දැනුම්දීමක්
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට සහ විශේෂයෙන් සියලු ම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මේ අතර ආපදා තත්ත්වය නිසා වසා තිබූ බොහෝ පාසල් අද දින ආරම්භ වුණා.