කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අද. - (LIVE VIDEO)
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 දා) පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතයි.
ඊට අදාල යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගනු ලැබුවා.
අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම ඔහු කථානායක අසුනට පැමිණ සිටියේ නැත.