හෙදියන්ට විශේෂ නිවේදනයක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මුස්ලිම් හෙදියන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතිකාවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අඳාළ අමාතත්‍යාංශය මේ බව දැනුම් දී තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා මුස්ලිම් කෙදියන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් කේතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවලින් අමාත්‍යාංශයට කිසිදු විධිමත් නිර්දේශයක් ලැබී නොමැති බව ප්‍රකාශ කළා.
එසේම හෙදි නිල ඇඳුමේ වෙනසක් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද ඉකුත් දා ප්‍රකාශ කර තිබෙනවා.