සෞඛ්‍යය අංශයට වාසියක් - බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක්

Report

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

රුපියල් බිලියන 06කට ආසන්න ආයෝජනයකින් ඉදිකෙරෙන මෙම නව වාට්ටු සංකීර්ණය මහල් 14කින් සමන්විත වන අතර, එය ඇඳන් 125ක ධාරිතාවයකින් යුක්තය.

නවීනතම පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක (ICU) සහ විශේෂිත වාට්ටු ඇතුළු අංශ රැසක් මෙයට ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය 2029 වසර අවසන් වීමට පෙර නිම කර මහජන ප්‍රතිකාර සේවා සඳහා විවෘත කිරීමට රෝහල් කළමනාකාරීත්වය සැලසුම් කර ඇත.

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පණිවිඩයක් - වාහන හිමියන්ට දැනුම්දීමක්

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පණිවිඩයක් - වාහන හිමියන්ට දැනුම්දීමක්

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, නයින්වෙල්ස් රෝහල් ඉතිහාසයේ නව්‍ය පරිවර්තනයක් සනිටුහන් කරන මෙම පියවර මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක වර්ධනයට අර්ථවත් දායකත්වයක් සපයන බවයි.

කොළඹ නාරාහේන්පිට පිහිටි නයින්වෙල්ස් රෝහල මෙරට පුද්ගලික අංශයේ මව් සහ ළමා සත්කාර සඳහා විශේෂිත වූ ප්‍රමුඛතම රෝහලක් ලෙස දීර්ඝ කාලයක සිට ප්‍රසිද්ධියක් උසුලයි.

නව ව්‍යාපෘතිය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට ලබාදෙන වෛද්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට රෝහල් බලධාරීහු අපේක්ෂා කරති.

සියලුම රාජ්‍ය සේවකයන්ට 15,16,17 වැඩ කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නීතියක්

සියලුම රාජ්‍ය සේවකයන්ට 15,16,17 වැඩ කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නීතියක්