දිවයින පුරා සියලු ගුරුවරු 09 වනදා කරන්න යන දේ මෙන්න.

Sri Lanka Education School Teachers
By Aruna Nov 05, 2021 06:50 AM GMT
Aruna

Aruna

Report

සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ජෝසෆ් ස්ටාලීන් මහතා සඳහන කර සිටියේ, ගුරු - විදුහල්පති වෘත්තීය සමිති මේ වන විට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

"අපි මේ දිනවල විශේෂයෙන් ම ගුරු - විදුහල්පතිවරු අකුරට වැඩකිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පාසල් පද්ධතියේ සිදුකරමින් ඉන්නේ.

අපි ළමයින්ට ඉගැන්වීම් පමණයි කරන්නේ.

වෙනත් කාර්යන් කිසිවත් අපි කරන්නේ නෑ. අපේ රාජකාරිය 7.30 - 1.30 දක්වා පමණයි සිදුවන්නේ.

අද දවසේ සිට අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් තත්ත්වයක්. සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නවා.

අපි බලාපොරොත්තු වෙනවා 9 වනදා පස්වරු 2ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයෝ කැඳවන්න.

එතන දී ගුරු අරගලය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ගන්න සහ ඒ අරගලය පෙරට ගෙනයෑමට.

අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ අරගල සියල්ල ඒකාබද්ධ වන දිනය වැඩි ඈතක නෙමෙයි කියන එක ආණ්ඩුව දැනගත යුතුයි."

ආණ්ඩුව විසින් ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව නොසලකා හැරීම මෙරට නිදහස් අධ්‍යාපනයට එල්ලවු පහරක් බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha