මෙරට 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) සිය නව ධුරයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
ඒ මහතා මෙලෙස රාජකාරි අරඹනු ලැබුවේ මත්තෙගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී ය.
මෙම නිල රාජකාරි භාරගැනීමේ අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී නව නාවික හමුදාධිපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උත්තමාචාර දැක්වීම ද සිදුකෙරිණි.