ඔන්න කොරියාවේ රැකියා අවස්ථා එක්ක තව සතුටු හිතෙන පණිවුඩයකුත්

Report

2025 වසරේ ගතවූ මාස 10ට දකුණු කොරියාවේ රැකියාවලට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු අද (29) දින දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

ඊට තරුණියන් 2 දෙනෙකුද අයත් බව සඳහන්. මෙම රැකියා අවස්ථා හිමිව තිබෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේයි.

කැනඩාවේ රැකියාවක් කරන්න අසාවෙන්ද හිටියේ? ඇත්තම තත්ත්වේ මෙන්න

කැනඩාවේ රැකියාවක් කරන්න අසාවෙන්ද හිටියේ? ඇත්තම තත්ත්වේ මෙන්න

ඒ අනුව මෙමඟින් දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා හිමි වේ.

එමෙන්ම වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්‍රමයට තෝරා ගැනීම සිදු කරන අතර විභාගය UBT ක්‍රමවේදය ඔස්සේ පවත්වයි.

ඒනිසා ඒ වෙනුවෙන් කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය දන්වයි.

මේ අතර රැකියා ලාභීන්ට වසර 4 මාස 10 කාලයක් දකුණු කොරියාවේ රැදී සිටීමට අවස්ථාව හිමිවන අතර, නියමිත කාලය අවසන්ව ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට නැවත දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමි වේ.

මේ වීසා සම්බන්ධ සේවා ගැන විශේෂ දැනුම්දීමක්

මේ වීසා සම්බන්ධ සේවා ගැන විශේෂ දැනුම්දීමක්

මේ වාහන ගැන හදිසි දැනුම් දීමක්

මේ වාහන ගැන හදිසි දැනුම් දීමක්