හෙට සිට සෞඛ්‍යයෙන් විශේෂ වැඩක් - තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ක්‍රියාත්මකයි
ඩෙංගු රෝගය පාලනය කිරීමට ප්‍රජා දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ප්‍රජා බලකරණය සඳහා වෙනසක් වෙනුවෙන් සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
එහි ප්‍රධාන අරමුණක් වන්නේ ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ චර්යා වෙනසක් ඇති කිරීමේ නව මංපෙත් හඳුනාගැනීමයි.
ඒ වෙනුවෙන් නව ආරක වැඩසටහනක් වශයෙන් චර්යා වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක්ද දියත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
එසේම මෙම ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00ට බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතව ඇත.
එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම අවස්ථාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් එක් වීමට නියමිතව ඇත.
එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා රජයේ වැඩසටහන් සමඟ ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය අත්‍යවශ්‍ය බැවින්, මෙම නියමු ව්‍යාපෘතිය හරහා ප්‍රජාව වඩාත් සක්‍රීයව ඩෙංගු මර්දන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරයි.