ලොවපුරා මාධ්‍ය වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්

amazon network error guardian financial times new york times
By Sewvandhi Jun 08, 2021 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොවපුරා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි අක්‍රියවී ඇති බවට වාර්තා වනවා.

Guardian, Financial Times, Independent සහ New York Times ඇතුළු වෙබ් අඩවි මෙලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යය රජයේ gov.uk වෙබ් අඩවිය ද අක්‍රියවී තිබෙනවා.

මෙලෙස අක්‍රිය වී තිබෙන වෙබ් අඩවිවල “Error 503 service Unavailable” යන නිවේදනය දැක්වෙනවා.

මේ අතර ලොව ප්‍රමුකතම අලෙවි කරන වෙබ් අඩවිය ලෙස සැලකෙන Amazon වෙබ් අඩවිය ද බිඳ වැටීමට ලක්වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now