මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය පිළිබඳ වාර්තාව පොලීසිය අතට
ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් මිද්දෙණියෙන් සොයාගත් අයිස් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බව කියන බහාලුම් සම්බන්ධ වාර්තාව පොලීසිය වෙත භාර දී ඇත.
දින කිහිපයකට පෙර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මේ වන විටත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මෙට අයිති නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන වෙනුවෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ වල දමා ඇති ඉඩමකදී පොලිසිය විසින් සොයා ගත්තේය.
කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මිද්දෙණිය - ඇඹිලිපිටිය මාර්ගයේ නිවසක ඉඩමක තිබී එම රසායනික ද්‍රව්‍ය ගෙන්වු බව කියන බහාලුම් දෙකක් ඒ අනුව සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
එම බහාලුම් දෙකෙහි කිලෝග්‍රෑම් 50,000කට පමණ අධික රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ අනුව එම ස්ථානයේ ඇති රසායනික ද්‍රව්‍ය සොයා කැනීම් ආරම්භ කෙරුණා.
එහිදී හුණුගල්වලට සමාන රසායනික ද්‍රව්‍ය මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා. එම රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් දෙක මේ වසරේ ජනවාරි මස 27 වැනිදා වරායෙන් මෙරටට ගෙන්වා තිබෙන බවට අනාවරණ වී තිබේ.