වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදිය කතරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් ඇති අතර එය ඊයේ (31) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසින් සොයා ගෙන ඇත.
ඒ අනුව සැකකරුවන් යතුරුපැදියක නැගී අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ එතැනින් කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය හරහා බවට ඔවුන්ගේ ප්‍රකාශවලින් හෙළිව තිබූ බව රහස් පොලිසිය සඳහන් කරයි.
රහස් පොලීසිය සඳහන් කළේ සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතරමගදී යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙන අතර පසුව කැලයේ දමා ගොස් තිබියදී මෙසේ සොයා ගත් බවයි.
එසේම රහස් පොලීසිය වැඩ්දුරටත් සඳහන් කළේ මෙම යතුරුපැදියේ කාර්මික දෝෂයකට ලක්වන අස්ථාවේදී එම ස්ථානයේ සැඟව සිටි වනඅලියකුගේ ප්‍රහාරයකට මෙම සැකකරුවන් ලක්වීමට ගොස් තිබූ අතර දිව ගොස් එම ප්‍රහාරයෙන් බේරී ඇතැයි ද ඔවුන් සිය ප්‍රකාශවලින් දන්වා ඇත.
කෙසේ වෙතත් ඊයේ (31) දින සිද්ධියට අදාළ සැකකාර යතුරුපැරදිකරු සමඟ එම ස්ථානයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් යතුරුපැදිය සොයාගෙන එය කතරගම පොලිසියට බාරදීමට කටයුතු කර තිබුණා.