මෙන්න අලුත් ලොතරැයියක් මේ පාරනම් වාසනාව අත ළගටම ඇවිත් වගේ

Report

ජනතාවගේ මුදල්, රටේ සංර්වධන ක්‍රියාවලියට මෙන් ම ජනතාවගේ සුබ සිද්ධියට යොදා ගැනීම රජයේ ප්‍රතිපත්තියයි. ජනතාවගේ මුදල් විනිවිද භාවයෙන් ආයෝජනය කර එහි ප්‍රතිලාභ නැවත ජනතාවටම ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මෙහෙමත් තාත්තලා අවුරුද්දක් එක දිගට උගන්නලා පුතා විභාගයට 6/100 ගත්ත නිසා තාත්තා කරපු දේ (PHOTO)

මෙහෙමත් තාත්තලා අවුරුද්දක් එක දිගට උගන්නලා පුතා විභාගයට 6/100 ගත්ත නිසා තාත්තා කරපු දේ (PHOTO)

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දුන් නවතම ලොතරැයිය “සුබ දවසක්” ජනගත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. “දවස සුබයි – සිහින දිනයි” සුබ දවසක් නවතම ලොතරැයි පතපාරිභෝගික ජනතාව වෙත නිල වශයෙන් ජනගත කිරීම 2025.06.13 දින කොළඹ චෛත්‍ය පාර, වරාය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය. නව කළමනාකාරිත්වයක් යටතේ ක්‍රියාත්මක ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගන්නා බවත් එහි කාර්යක්ෂම සේවා තත්ත්වයක් තුළින් ද ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවත් පැවසී ය.

එමෙන් ම ආයතනයේ සේවා පහසුකම් වැඩිදියුණුවට පියවරක් වශයෙන් ඉදිරියේ දී ලොතරැයි ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය සේවය හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සහාය ලබාදීමට සාකච්ඡා කරන බව ද පැවසී ය.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

මෙය ප්‍රවාහන අමාත්‍යංශයට අමතර ප්‍රතිලාභයක් සමඟ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සඳහා අවස්ථාව වනු ඇති බව ද වැඩි දුරටත් පැවසී ය.

වාසනාව වෙත කවදත් අලුත් මානයක් හඳුන්වා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය, ” සුබ දවසක් ” ටිකට් පත, ජනගත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මහාචාර්‌ය කපිල පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.ඒ.සී පෙරේරා, වැඩබලන සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරී ටී. ඩී. රසිකා ප්‍රබෝධිනී යන මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.