අදින් ඇරඹෙන ජාතික නිවාස වැඩසටහන - නිවාස 31,000 ක්
අද(16) දින පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය ආරම්භ වන බව වාර්තා වේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ, මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි.