නැපෝලියන්ගේ තොප්පිය කෝටි ගණනකට වෙන්දේසි වූ හැටි.. - (VIDEO)

World
By Wayomi Nov 20, 2023 12:47 PM GMT
Wayomi

Wayomi

Report

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට වෙන්දේසි කර තිබෙනවා.

ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදීයි.

මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 - 1821 දක්වා කාලය තුළදී පැළඳ ඇති බව සඳහන්.

වෙන්දේසිකරු ජීන් පියරේ පවසන් පරිදි, ප්‍රංශ ධජයේ නිල් - සුදු - රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගෙන ඇත.

කෙසේ වෙතත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැති අතර ඇමෙරිකානු ඩොලර් 655000 - 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී ඇත.

පියරේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නැපෝලියන් බොනපාර්ට්ට වසර 15 ක කාලය තුළ මෙවැනි තොප්පි 120 ක් පමණ තිබී ඇති අතර ඉන් බොහොමයක් මේ වනවිට නැති වී ඇති අතර තොප්පිය නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රතිරූපය පිළිබිඹු කරන බවත් තොප්පියේ අවසන් හිමිකරු ව්‍යාපාරික ජීන් ලුවිස් නොයිසියෙස් මීට වසරකට පෙර මියගොස් ඇති බවත්ය.   


ReeCha