සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමටට සූදානම් - අධිකරණයට දැනුම් දෙයි

Report

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අදාල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එසේ භාරවීමෙන් පසුව, සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාවනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළ අතර, ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළා.

අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය කර සිටින සම්පත් මනම්පේරි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්