"රාජ්‍ය දේපල කාටවත් විකුණන දෙන්න බෑ. - මේවා 2005 - 2015 මහින්ද රාජපක්ෂ යුගයේ ගොඩනැගු ඒවා" - නාමල්.

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 03, 2024 02:59 PM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය දේපල සංවර්ධනය කොට රාජ්‍යාදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තමා සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඇතැමුන් ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය දේපල විකුණා දැමීමට උත්සාහ කරන බව පෙන්වා දෙන ඔහු විකුණන කිසිදු දේපලක් ඔවුන් විසින් ගොඩනැගු ඒවා නොවන බවද ඒ සියල්ල 2005 - 2015 මහින්ද රාජපක්ෂ යුගයේ ගොඩනැගු ඒවා බවද සිහිපත් කරනවා.

ඔහු මෙම කරුණු අවධාරණය කළේ,පසුගියදා හක්මන නගරයේදී පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,


GalleryGalleryGalleryGallery
ReeCha