මේ රජය බලයට පත්වෙද්දී කිව්වේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා , ඒවා වචන විතරයි මන්ත්‍රී රංජිත්ගෙන් චෝදනා

Report

වත්මන් රජය බලයට පත් වන විට වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළත් අද වනවිට ඒවා වචනවලට පමණක් සීමා වී තිබෙන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කර තිබේ.

 සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (10) දින මේ බව සදහන් කර ඇත.

මේ සම්බන්ධව එතුමා තවදුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

“මේ රජය බලයට පත්වන විට වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවා. ප්‍රතිව්‍යූහගතකරණයට විරුද්ධ බව ඒ කාලයේ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් පැවසුවා. ප්‍රතිව්‍යූහගත කළාට කමක් නැහැ. ඉන් ලාභයක් ලැබෙනවා නම්. නමුත් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට වන්නේ විදුලි බිල සියයට තිහකින් පමණ වැඩි වීමක්. මාසයක් පුරාවට තෙල් තිබෙන බවට ආණ්ඩුව පැවසුවා.

නමුත් දැන් තෙල් මිල වැඩි කරලා. තෙල්වලින් අසාධාරණය ලාභයක් ලබන්න ආණ්ඩුව සූදානම් වෙනවා. දින 40ක් යන තෙක් මේ තෙල් මිල වැඩි කරන්න බැහැ. මොකද ආණ්ඩුව කීවානේ තෙල් තිබෙනවා මාසයක් ගත වන තෙක් කියලා. එතකොට මිල සූත්‍රය අනුව මේ තෙල් මිල වැඩිවෙන්න බැහැ. ඉදිරි කාලය තුළදී තවත් තෙල් මිල වැඩි වේවි. මේ තෙල් මිල වැඩිවීමේදී සියලු දේවල මිල ගණන් ඉහළ යනවා. දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තියට එහා ගොස් මේ ආණ්ඩුව දැන් වැඩ කරනවා.”

ආණ්ඩුවේ ඉන්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්, ජනතාවගේ මුදල් මංකොල්ල කන්න කටයුතු කරනවා මරික්කාර් ආණ්ඩුවට හොදටම දෙහි කපයි

ආණ්ඩුවේ ඉන්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්, ජනතාවගේ මුදල් මංකොල්ල කන්න කටයුතු කරනවා මරික්කාර් ආණ්ඩුවට හොදටම දෙහි කපයි