හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් යයි - මෙන්න විස්තරේ

Report

අභියාචනාධිකරණය විසින් කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරදඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.

මෙම පෙත්සම පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.