රට තුළට රැගෙන ඒමට සූදානම් කළ අමුතුම පාර්සල්..

Sri Lanka Police United States of America Sri Lanka Police Investigation Canada
By Sewvandhi Dec 07, 2023 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදී, රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. 

එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත. වැඩිදුරටත් වාර්තා වෙන්නේ එම මත්ද්‍රව්‍ය අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙන්නට ඇති බවය.

සීදුව ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් වෙත එවා තිබූ එම පාර්සල තුළ කුෂ් නමැති ගංජා කිලෝග්‍රෑම් 08ක්, මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටසි මත්පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් තිබී ඇත.

එම පාර්සල් එවා තිබෙන්නේ, කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කිහිපයක් වෙත කුරියර් කිරීම සඳහාය.දැනට ගණන් බලා ඇත්තේ එහි වටිනාකම රුපියල් කෝටි 06ක් පමණ වන බවටය.

මෙම පාර්සල්වල සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණයවීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂාකර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.

ReeCha