දේශපාලනේ අනිවාර්යෙන් ෆයිට් එකක් තියෙන්න ඕනේ හැබැයි හැමදාම දිනන්නේ අපි - මංජුල
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර මහතා විසින් රටක ගමන් මග තීරණය කරන්න දේශපාලන සටනක් ඕන බවත් ඒ සටනේ හොරු දූෂිතයෝ වංචා කාරයෝ එක පැත්තක සටන් කරනකොට ඒ දේවල් වලට එරෙහිව තමන්ගේ කඳවුර තවත් පැත්තක සටන් කරන බවත් පවසා ඇත.
ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ රට පුරා ක්‍රියාත්මක වන පළාත් පාලන සතියට සමගාමීව “සෞභාග්‍යමත් රටක්, සුන්දර නගරයක්” යන තේමාව ඔස්සේ පැවති පළාත් පාලන සතියේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.
මෙම උත්සවය හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර සහභාගී වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ,
"දේශපාලන වශයෙන් අනිවාර්යෙන් කඳවුරු දෙකක ෆයිට් එකක් ඕන. මම අද මෙතන කතා කරන්නේ මගේ හෘද සාක්ෂියේ ගැටීමක් තියෙන නිසා. සමාජයේ තියෙන ගැටීම නිවැරදි පැත්තකට ගන්න නම් දේශපාලන වශයෙන් සටනක් තියෙන්න ඕන ඒ වගේම මත ගැටීමක් තියෙන්න ඕන. ඒ ගැටීමෙන් හොඳම එක සමාජගත කරන එක තමයි අපේ වගකීම. ඒ හරිදේ සමාජගත කරන එක වගකීම බවට අරගෙන අපි ඒ වැඩේ කරන්න ඕන. නූතනත්වය හා පැරැණිකම අතර ගැටීමක් තමයි ගොඩක් දුරට අපි දකින්නේ. එක පැත්තක හොරකම නාස්තිය දූෂණය හා අනිත් පැත්තේ හොරකම දූෂණය නාස්තියට එරෙහිව ගැටුමක් තියෙනවා. එක පැත්තක තියෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම් අනිත් පැත්තේ තියෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවව ගැටීමක්. අපි ඉන්නේ එරෙහි වෙන පැත්තේ ගැටීමේ මේ ක්‍රමයත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. මේ ගැටීම් අතර හැමදාම දිනන්නේ අපි මොකද අපි සාධාරණත්වය වෙනුවෙන් කතාකරන නූතනන වාදියෝ” යනුවෙන්.