කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය සපයන ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් හෙට (18) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ජල කප්පාදුව පෙරවරු 10:00 සිට පස්වරු 7:00 දක්වා ක්‍රියාත්මක වන අතර, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස බාධාවකට ලක්වනු ඇත.
ඒ අනුව, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව මණ්ඩලය සඳහන් කළේය.
ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම කාලය තුළ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. වැඩිදුර තොරතුරු සඳහා ජල සම්පාදන මණ්ඩලයේ හොට්ලයින් අංකය හරහා සම්බන්ධ විය හැක.