මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හමුවූ චීන තානාපති මෛත්‍රීවත් හමුවෙයි

Report

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ඉකුත් දා අඳාළ හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

වාර්තා වූ ආකාරයට එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

එමෙන්ම චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව වාර්තා වුණා.

මේ අතර "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් ප්‍රකාරව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබූ නිල නිවාස ඔවුන්ට නැවත රජයට භාරදීමට සිදුව තිබෙනවා.

එබැවින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් අනතුරුව නිල නිවස භාරදීමට කටයුතු කරන බව ඉකුත්දා පවසා සිටියා.

ලංකාව ඉන්නේ ගොඩක් පිටි පස්සේ කළින් වගේ නෙවෙයි ලංකාවේ ක්‍රිකට් වුණත් දැන් පහු බැහැලා - හරිනි

ලංකාව ඉන්නේ ගොඩක් පිටි පස්සේ කළින් වගේ නෙවෙයි ලංකාවේ ක්‍රිකට් වුණත් දැන් පහු බැහැලා - හරිනි

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා