මේකේ කිසි පහසුකමක් නෑ,අපායක් මට ගෙවල් දෙන්න මිනිස්සු ඉදිරිපත් වුණා කැමැත්තෙන් යනවා

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස භාරදීමට ඔහු සූදානම් බවත් නව නිවසක් මෙවන විට සොයාගෙන ඇති බවත් එහි අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා ටික කාලයක් මෙම නිවසේ සිටීමට අදහස් කර බවයි.

ඒ වගේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මෙම නිවස කිසිදු පහසුකමක් නොමැති අපායක් වගේ තැනක් කියලයි ඒ නිසා එතනින් සතුටින් යනවා කියලත් සඳහන් කරා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට ඔහුගේ නිල නිවසේ කාමර දෙකක් පමණයි තියෙන්නේ.

රාජ්‍ය සේවක වැටුප් ගැන ආයෙත් කතාවක් විධිමත් පිළිවෙලකට වැටුප් වැඩි වෙයි?

රාජ්‍ය සේවක වැටුප් ගැන ආයෙත් කතාවක් විධිමත් පිළිවෙලකට වැටුප් වැඩි වෙයි?

එම නිසා ඔහුගේ දරුවන් තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් එක දවසක නිල නිවසට ආවොත් නතර වෙලා ඉන්න දෙන්න තැනක් නෑ කියලත් ඔහු ප්‍රකාශ කළා.

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

ඒ වගේම ඔහු මෙම නිල නිවසෙන් ඉවත් වීමට තීරණය කළ මොහොතේ ඔහු වෙනුවෙන් නිවාස වීමටද කීපදෙනෙක් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහුට මේ වන වන විට කිසිදු අමතර ආදායමක් නොමැති බවත් ඇත්තේ විශ්‍රාම වැටුප පමණක් බවත් සඳහන් කළ අතර නිල නිවස ඉතාමත් සතුටින් භාර දීලා යනවා කියලා තමයි අවසානයේ ඔහු සඳහන් කලේ.

රත්නපුර - හොරණ පාරේ බස් අනතුරක් 15කට තුවාල

රත්නපුර - හොරණ පාරේ බස් අනතුරක් 15කට තුවාල