කැලණි ගඟේ පාවුණු සිරුරු කට්ටඩියෙකුගේ බව හඳුනා ගනී( UPDATE)

Sri lanka police Kalaniya ranala
By Sithumi Jun 26, 2021 02:43 PM GMT
Sithumi

Sithumi

Report

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්පා ගැටගසන ලද එම පුද්ගල මළසිරුර අද (26) පස්වරුවේ සොය ගැණුනි. එම සිරුර හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකු ලෙස කටයුතු කළ 54 හැවිරිදි අයෙකුගේ බව හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයා කුලි නිවසේ වසරක පමණ කායලක් සිය අනියම් බිරිඳ සමඟ පදිංචිව සිට ඇති නමුත් ඔහු හල්දුමුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවද අනාවරණය වී ඇත.

අද (26) සොයාගත් සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබූ බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය

ReeCha